ජපන් කෑම වල රස එතරම් දැඩි නොවන අතර ඉතා සරල වේ. එයට හේතුව කෑම වල අමුද්‍රව්‍ය සතුව තිබෙන නියම රසය ජපන් ජාතිකයන් ඉතා වැදගත් කොට සලකන බැවිනි. ආහාර පිසීමේදී සෝස්, ලුණු, විනාකිරි, සීනි,සුප්, මත්පැන් යනාදියෙන් රස ගන්වයි.
තවද ආහාර පිසීමේදී ඒවා විවිධ හැඩ වලට කැපීම, ගින්දර භාවිතා නොකර ආහාර පිසීම වැනි ක්‍රම වල සිට තැම්බීම, පිලිස්සීම, හුමාලයෙන් තැම්බීම, තෙල් වල බැදීම වැනි විවිධ ක්‍රම අනුගමනය කරයි. ජපන් කෑම ඒ ඒ කෑම වලට ගැලපෙන පාට හා හැඩයේ බදුන් මත අලංකාර ලෙස පිළිගන්වනු ලබන බැවින් බොහෝ විට ජපන් කෑම “ඇස් වලින් රස විදිනවා” යැයි කියනු ලැබේ.
No comments:
Post a Comment