සුෂි 7වන සියවසේ දී පමණ චීනයෙන් ජපානයට හඳුන්වා දුන් ආහාරයක් යැයි සැලකේ. ආරම්භයේදී අමු මාළු ලුණු සමඟ පදම් කර කල්තබාගෙන බත් සමඟ ආහාරයට ගෙන ඇත. සුෂි යනු මෙසේ අමු මාළු, ලුණු හා බත් ආධාරයෙන් පැසවීමකට ලක් කර සාදාගන්නා ලද ආහාරයකි. ලුණු හා බත් ආධාරයෙන් කරන ලද මෙම පැසවීම හේතුවෙන් සුෂි, බත් වලට ඉතා සමීප වී ඇත. පසු කාලීනව සුෂි හා බත් එකට යාවී එක් ආහාරයක් බවට පත්ව තිබේ.
සුෂි සාදා ගැනීමෙදී බොහෝ විට අමු මාළු යොදා ගනී. නමුත් සුෂි යනු අමු මාළු යැයි සැලකීම නිවැරදි නොවේ. අමු මාළු යනු සුෂි සාදා ගැනීමට යොදා ගන්නා ප්‍රසිද්ධම අමුද්‍රව්‍යය වන නමුත් සුෂි වල ප්‍රධාන අමුද්‍රව්‍යය ඇලෙන සුළු බත් වේ. අමු මාළු භාවිතයෙන් තොරව සාදා ගන්නා සුෂි වර්ගද වේ.
සුෂි විනාකිරි වලින් රස ගැන්වූ බත් ගුලි මත තුනීව කැපූ අමු මාළු අතුරා සාදා ගනී. මෙය ජපන් ජාතිකයන් අතර ඉතා ප්‍රසිද්ධ ආහාරයකි.
No comments:
Post a Comment