සාම්ප්‍රදායික ජපන් ඉවුම් පිහුම් වලදී අළුත් ආහාර ද්‍රව්‍ය වැදගත් කොට සලකති. සාමාන්‍යයෙන් ඔබ රාත්‍රී ආහාරයක් සදහා ජපන් නිවසකට ගොඩ වැදුන හොත් ඔබට කෑමට බත්ද “මිසො” නමින් හදුන්වනු ලබන සෝයා බෝංචි පිටි වලින් සාදන ලද සුප් වර්ගයක්ද, මස් හෝ මාළුද අච්චාරුද දෙනු ලබයි. “ෂෝයු” නමින් හදුන්වන සෝයා සෝස්ද “වසබි” නමින් හදුන්වන කොළ පැහැති රාබු වර්ගයක්ද “නොරි” නමින් හදුන්වනු ලබන වේලන ලද මුහුදු පාසිද ජනප්‍රිය කෑම රසකරණයන් වේ.
No comments:
Post a Comment