Thursday, April 21, 2011

සුකියකි.


යුරෝපීය සංස්කෘතිය   විශාල ලෙස ඇතුල්වුනු“මෙයිජි”යුග‍යේ සිට 
ආරම්භ වූ කෑමක් වන අතර ගවමස් ආහරයට ගැනීමේ පුරුද්දක් නොවූ ජපන් ජාතිකයන් ගවමස් ආහාරයට ගන්නා බටහිර සංස්කෘතිය වැළඳ ගෙන එය ජපන් පන්නයේ රසයට වෙනස් කර සාදා ගත් ආහාරයක් වේ.  
සුකියකි යනු එය පිසින අතරම ආහාරයට ගත හැකි කෑමක් වන හෙයන් මෙය මුළුතැන්ගෙයි පිසිය යුතු යැයි නියමයක් නොවේ.
සුකියකි, විශාල භාජනයක් මේසය මත තබා සියළු දෙනාම අමුද්‍රව්‍ය එක් කරමින් පිසින නිසා ඉතා උණුසුම් ලෙස ආහාරයට ගත හැක. තවද මෙය සාදයක් වැනි අවස්ථාවකදී ඉතා විනෝදය ගෙන දෙන ආහාර ගැනීමේ ක්‍රමයකි. සුකියකි ජපානයේ ඉතා ප්‍රසිද්ධ ආහාරයකි. මෙහි ප්‍රධාන අමුද්‍රව්‍ය වනුයේ සිහින්ව කපාගත් හරක් මස් පෙති වේ. මේ සදහා යොදා ගන්නා හරක් මස් වල ප්‍රමිතිය ඉතා වැදගත් වේ.
සුකියකි සාදා ගැනීමට භාවිතා කරනුයේ හරක් මස් වල ඉතා මෘදු කොටස් වේ. මෙහිදී සුකියකි සෑදීමට ඉතා උචිත හරක් මස් වර්ගය “ෂිමොෆුරි” නම් වේ. “ෂිමොෆුරි” නම් හරක් මස් විශේෂය ඉතා මෘදු නමුත් අධික ලෙස මේදය අඩංගු වේ. එමෙන්ම ඒවා ඉතා මිල අධික වේ.




No comments:

Post a Comment