අලුත් අවුරුද්දේ ප්‍රධාන ආහාර වර්ගය “සෝනි” සහ “ඔසෙචි ර්යෝරි” වේ. “සෝනි” යනු සුප් විශේෂයක් වන අතර එය එක් එක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට අමුද්‍රව්‍ය හා පිළියෙල කර ගන්නා ආකාරය වෙනස් වේ. “ඔසෙචි ර්යෝරි” යනු විවිධ එලවළු හා මාළු වර්ග තම්බා හා පුළුස්සා “ජුබකු” නම් පෙට්ටියක අලංකාරව අසුරා පිළිගන්වන ආහාරකි. මෙහි ඇති කෑම වර්ග හා ඒවායේ අඩංගු ද්‍රව්‍ය සෑම එකකටම විශේෂිත වූ අර්ථයක් ඇත. ඒ අතර යහපත් සෞඛ්‍යය, හොද අස්වැන්නක් ලැබීම, සතුට, දිගු දිවියක් ලැබීම වැනි ප්‍රාර්ථනා ඇතුලත් වේ. ජපානයේ අළුත් අවුරුදු නිවාඩුව ජනවාරි මස පළමු වැනිදා සිට තුන්වෙනිදා දක්වා වන අතර එම කාලය පුරාවටම මෙම “ඔසෙචි ර්යෝරි” ආහාරයට ගැනීම චාරිත්‍රයයි.
No comments:
Post a Comment