ජපානය මුහුදෙන් වට වූ දූපතක් වීම හේතුවෙන් බත් සමඟ මුහුදු ආහාර ඉතා සුලබව ආහාරයට ගනී. සෂිමි සාදා ගනු ලබන්නේද සිහින්ව කපාගත් අමු මුහුදු මාළු යොදා ගනිමිනි. සෂිමි සාදා ගැනීමෙදී විවිධ අමු මාළු වර්ග භාවිතා වේ. මෙහිදී මෙම අමුද්‍රව්‍ය අමුවෙන්ම භාවිතා කරන නිසා ඒවායේ නැවුම් බව ඉතා වැදගත් කොට සැලකේ. සෂිමි “වසබි” නම් සෝස් වර්ගය හා වෙනත් සෝස් වර්ග සමඟ ආහාරයට ගනී.
සෂිමි, සුෂි වලට සමානකමක් දක්වන අතර සුෂි වලින් වෙනස් වන්නේ සුෂි වල මෙන් සෂිමි වලදී බත් යොදා නොගන්නා බැවිනි. සෂිමි සාමාන්‍යයෙන් “දයිකොන්” හා “ෂිසො” නමි ගස් වල කොල මත අලංකාර ලෙස අතුරා සකස් කරයි. මෙහිදී “දයිකොන්” හා “ෂිසො” ද සෝයා සෝස් තවරා ආහාරයට ගත හැක. ඒවා නැවුම් මින්ට් රසක් ගෙනදේ.
සෂිමි වර්ගද විවිධ වන අතර ජපන් ජාතිකයන් අතර ඉතා ප්‍රසිද්ධ සෂිමි වර්ග කිහිපයක් නම් “මගුරො, තොරො, එබි, සබ, ඉක, තකු” වේ.
No comments:
Post a Comment