Sunday, January 23, 2011

සුෂි




සුෂි 7වන සියවසේ දී පමණ චීනයෙන් ජපානයට හඳුන්වා දුන් ආහාරයක් යැයි සැලකේ. ආරම්භයේදී අමු මාළු ලුණු සමඟ පදම් කර කල්තබාගෙන බත් සමඟ ආහාරයට ගෙන ඇත. සුෂි යනු මෙසේ අමු මාළු, ලුණු හා බත් ආධාරයෙන් පැසවීමකට ලක් කර සාදාගන්නා ලද ආහාරයකි. ලුණු හා බත් ආධාරයෙන් කරන ලද මෙම පැසවීම හේතුවෙන් සුෂි, බත් වලට ඉතා සමීප වී ඇත. පසු කාලීනව සුෂි හා බත් එකට යාවී එක් ආහාරයක් බවට පත්ව තිබේ.

සුෂි සාදා ගැනීමෙදී බොහෝ විට අමු මාළු යොදා ගනී. නමුත් සුෂි යනු අමු මාළු යැයි සැලකීම නිවැරදි නොවේ. අමු මාළු යනු සුෂි සාදා ගැනීමට යොදා ගන්නා ප්‍රසිද්ධම අමුද්‍රව්‍යය වන නමුත් සුෂි වල ප්‍රධාන අමුද්‍රව්‍යය ඇලෙන සුළු බත් වේ. අමු මාළු භාවිතයෙන් තොරව සාදා ගන්නා සුෂි වර්ගද වේ.

සුෂි විනාකිරි වලින් රස ගැන්වූ බත් ගුලි මත තුනීව කැපූ අමු මාළු අතුරා සාදා ගනී. මෙය ජපන් ජාතිකයන් අතර ඉතා ප්‍රසිද්ධ ආහාරයකි. 




Tuesday, January 18, 2011

ජපන් ආහාර පිළිගැන්වීමේ කලාව.


ජපන් කෑම වල රස එතරම් දැඩි නොවන අතර ඉතා සරල වේ. එයට හේතුව කෑම වල අමුද්‍රව්‍ය සතුව තිබෙන නියම රසය ජපන් ජාතිකයන් ඉතා වැදගත් කොට සලකන බැවිනි. ආහාර පිසීමේදී සෝස්, ලුණු, විනාකිරි, සීනි,සුප්, මත්පැන් යනාදියෙන් රස ගන්වයි.

තවද ආහාර පිසීමේදී ඒවා විවිධ හැඩ වලට කැපීම, ගින්දර භාවිතා නොකර ආහාර පිසීම වැනි ක්‍රම වල සිට තැම්බීම, පිලිස්සීම, හුමාලයෙන් තැම්බීම, තෙල් වල බැදීම වැනි විවිධ ක්‍රම අනුගමනය කරයි. ජපන් කෑම ඒ ඒ කෑම වලට ගැලපෙන පාට හා හැඩයේ බදුන් මත අලංකාර ලෙස පිළිගන්වනු ලබන බැවින් බොහෝ විට ජපන් කෑම “ඇස් වලින් රස විදිනවා” යැයි කියනු ලැබේ.

විවිධ හැඩයෙන් යුත් ජපන් ආහාර.





Sunday, January 16, 2011

ජපන් ආහාර වල වි‍ශේෂත්වය.


ජපන් කෑම වල රස එතරම් දැඩි නොවන අතර ඉතා සරල වේ. එයට හේතුව කෑම වල අමුද්‍රව්‍ය සතුව තිබෙන නියම රසය ජපන් ජාතිකයන් ඉතා වැදගත් කොට සලකන බැවිනි. ආහාර පිසීමේදී සෝස්, ලුණු, විනාකිරි, සීනි,සුප්, මත්පැන් යනාදියෙන් රසගන්වයි.

තවද ආහාර පිසීමේදී ඒවා විවිධ හැඩ වලට කැපීම, ගින්දර භාවිතා නොකර ආහාර පිසීම වැනි ක්‍රම වල සිට තැම්බීම, පිලිස්සීම, හුමාලයෙන් තැම්බීම, තෙල් වල බැදීම වැනි විවිධ ක්‍රම අනුගමනය කරයි. ජපන් කෑම ඒ ඒ කෑම වලට ගැලපෙන පාට හා හැඩයේ බදුන් මත අලංකාර ලෙස පිළිගන්වනු ලබන බැවින් බොහෝ විට ජපන් කෑම “ඇස් වලින් රස විදිනවා” යැයි කියනු ලැබේ.

Friday, January 14, 2011

අලුත් අවුරුදු ආහාර.


අලුත් අවුරුද්දේ ප්‍රධාන ආහාර වර්ගය “සෝනි” සහ “ඔසෙචි ර්යෝරි” වේ. “සෝනි” යනු සුප් විශේෂයක් වන අතර එය එක් එක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට අමුද්‍රව්‍ය හා පිළියෙල කර ගන්නා ආකාරය වෙනස් වේ. “ඔසෙචි ර්යෝරි” යනු විවිධ එලවළු හා මාළු වර්ග තම්බා හා පුළුස්සා “ජුබකු” නම් පෙට්ටියක අලංකාරව අසුරා පිළිගන්වන ආහාරකි. මෙහි ඇති කෑම වර්ග හා ඒවායේ අඩංගු ද්‍රව්‍ය සෑම එකකටම විශේෂිත වූ අර්ථයක් ඇත. ඒ අතර යහපත් සෞඛ්‍යය, හොද අස්වැන්නක් ලැබීම, සතුට, දිගු දිවියක් ලැබීම වැනි ප්‍රාර්ථනා ඇතුලත් වේ. ජපානයේ අළුත් අවුරුදු නිවාඩුව ජනවාරි මස පළමු වැනිදා සිට තුන්වෙනිදා දක්වා වන අතර එම කාලය පුරාවටම මෙම “ඔසෙචි ර්යෝරි” ආහාරයට ගැනීම චාරිත්‍රයයි.   

ඔසෙචි ර්යෝරි.




Wednesday, January 12, 2011

ජපන් බත්.

ජපානයේ ආහාර සංස්කෘතිය “බත්” තම ප්‍රධාන ආහාරය කරගත් එකකි. මීට අවුරුදු 2300කට පමණ පෙර සහල් හදන තාක්ෂණය හඳුන්වාදීමෙන් පසු බත් ජපන් ජාතිකයන්ගේ ප්‍රධාන ආහාරය බවට පත්ව තිබේ. “එදෝ” යුගයේ සිට පැවත එන බත් හා එළවළු ආහාරයට ගැනීම වර්තමානයේද එලෙසම දැකගත හැක.
ජපන් ජාතිකයන් විසින් පිළියෙල කර ගන්නා බත් ඔවුන්ටම ආෙව්නික වූ “බෙරි” ගතියකින් යුත් බත් විශේෂයකි.  “හෂි” භාවිතා කරමින් බත් ආහාරයට ගැනීමේදී  මෙම බෙරි ගතිය ඉතා ප්‍රයෝජනවත් වෙයි.
සාමාන්‍යයෙන් බත්, අමතර ව්‍යාන්ජන සහ “මිසොෂිරො” නමි සුප් සමඟ ආහාරයට ගනී. නමුත් ජපන් ජාතිකයන් බත් සමඟ අමතර ව්‍යන්ජන ඔක්කොම එකට අනල ආහාරයට නොගන්නා අතර එක එක ව්‍යාන්ජන වෙන වෙනම ටික බැගින් ආහාරයට ‍ගෙන කට ඇතුලෙදි අනල කන ක්‍රමයක් අනුගමනය කරයි.

ජපන් බත්.






Tuesday, January 11, 2011


ජපන් ජාතිකයන්ගේ ආහාර සංස්කෘතිය.


සාම්ප්‍රදායික ජපන් ඉවුම් පිහුම් වලදී අළුත් ආහාර ද්‍රව්‍ය වැදගත් කොට සලකති. සාමාන්‍යයෙන් ඔබ රාත්‍රී ආහාරයක් සදහා ජපන් නිවසකට ගොඩ වැදුන හොත් ඔබට කෑමට බත්ද “මිසො” නමින් හදුන්වනු ලබන සෝයා බෝංචි පිටි වලින් සාදන ලද සුප් වර්ගයක්ද, මස් හෝ මාළුද අච්චාරුද දෙනු ලබයි. “ෂෝයු” නමින් හදුන්වන සෝයා සෝස්ද “වසබි” නමින් හදුන්වන කොළ පැහැති රාබු වර්ගයක්ද “නොරි” නමින් හදුන්වනු ලබන වේලන ලද මුහුදු පාසිද ජනප්‍රිය කෑම රසකරණයන් වේ.