Friday, April 22, 2011

චොප්ස්ටික් භාවිත‍යෙන් ආහාර ගැනීම


චොප්ස්ටික් භාවිත‍යෙන් ආහාර ගැනීම චීනයෙන් ජපානයට ආ සංස්කෘතියකි. ‍
චොප්ස්ටික් ‍‍හෙවත් “හෂි” ජපන් ජාතිකයන් ආහාර ගැනී‍මේදී භාවිතා කරන ලී ‍කෝටු දෙකක් වැනි පකරණයකි.
චොප්ස්ටික් භාවිත‍යෙන් ආහාර ගැනී‍මේදී යම් යම් චාරිත්‍ර වලට යටත් වීමට සිදුවේ.
හිදී ආහාර බදුන මත වා සිරස් ආකාරය‍‍ට තැබීම, ‍වෙනත් පුද්ගල‍යෙකු ‍දෙසට ල්ල කිරීම සිදු නොකරයි.
චොප්ස්ටික් භාවිත‍යෙන් ආහාර ගැනීම ක්තරා අභි‍යෝගයක් වේ. ඔබ ය පාවිච්චි කර නොමැති නම් කිහිප වරක් පුහුණු වී‍මෙන් පසු ය පාවිච්චිය පහසු වනු ඇත.














“බෙන්තෝ” සම්ප්‍රදා‍ය.

මෙය ජපන් ජාතිකයන් අතර
ප්‍රසිද්ධ එක් ආහාර ගැනී‍මේ 
ක්‍රමයකි. ‍‍ බෙන්තෝ 
කෑම ‍පෙට්‍ටි‍‍‍යේ සාමාන්‍ය‍‍යෙන්
  අඩංගු වන්නේ නිව‍‍සේ 
සාදන ලද බත් හා ඒ 
සමඟම ආහාරයට 
ගත හැකි තවත් අමතර
ආහාර වර්ගයි. බෙන්තෝ 
ආහාර ගැනී‍මේ ක්‍රමය
 ජපානයේ තා සුලභව
දැකිය හැක. කුඩා
ළමයි ළදරු
පාසල් යන අවදි‍යේ 
සිටම සිය මව තා ඕනෑකමින් 
 මෙම බෙන්තෝ
පිළි‍යෙල කර දෙයි. 
එහිදී බෙන්තෝහි අඩංගු
වන ද්‍රව්‍ය හා
වා අලංකාර ‍‍ලෙස 
ඇසිරීම පිළිබදව 
අවධානය ‍‍යොු 
කරයි. මවගේ ඉහුම් 
පිහුම් පිළිබඳ වන
දක්ෂතාවය විදහා 
පාන ක් අවස්ථාවක් 
‍ලෙස ‍‍මෙය 
දැක්විය හැක. එක්
එක් තුව අනුව
 බෙන්තෝ ආහාරය 
‍‍‍‍‍‍වෙනස් කරමින් 
පිළිගැන්විය හැක.




Thursday, April 21, 2011

ජපානයේ ආහාර පිළිගැන්වීමේ කලාව







සුකියකි.


යුරෝපීය සංස්කෘතිය   විශාල ලෙස ඇතුල්වුනු“මෙයිජි”යුග‍යේ සිට 
ආරම්භ වූ කෑමක් වන අතර ගවමස් ආහරයට ගැනීමේ පුරුද්දක් නොවූ ජපන් ජාතිකයන් ගවමස් ආහාරයට ගන්නා බටහිර සංස්කෘතිය වැළඳ ගෙන එය ජපන් පන්නයේ රසයට වෙනස් කර සාදා ගත් ආහාරයක් වේ.  
සුකියකි යනු එය පිසින අතරම ආහාරයට ගත හැකි කෑමක් වන හෙයන් මෙය මුළුතැන්ගෙයි පිසිය යුතු යැයි නියමයක් නොවේ.
සුකියකි, විශාල භාජනයක් මේසය මත තබා සියළු දෙනාම අමුද්‍රව්‍ය එක් කරමින් පිසින නිසා ඉතා උණුසුම් ලෙස ආහාරයට ගත හැක. තවද මෙය සාදයක් වැනි අවස්ථාවකදී ඉතා විනෝදය ගෙන දෙන ආහාර ගැනීමේ ක්‍රමයකි. සුකියකි ජපානයේ ඉතා ප්‍රසිද්ධ ආහාරයකි. මෙහි ප්‍රධාන අමුද්‍රව්‍ය වනුයේ සිහින්ව කපාගත් හරක් මස් පෙති වේ. මේ සදහා යොදා ගන්නා හරක් මස් වල ප්‍රමිතිය ඉතා වැදගත් වේ.
සුකියකි සාදා ගැනීමට භාවිතා කරනුයේ හරක් මස් වල ඉතා මෘදු කොටස් වේ. මෙහිදී සුකියකි සෑදීමට ඉතා උචිත හරක් මස් වර්ගය “ෂිමොෆුරි” නම් වේ. “ෂිමොෆුරි” නම් හරක් මස් විශේෂය ඉතා මෘදු නමුත් අධික ලෙස මේදය අඩංගු වේ. එමෙන්ම ඒවා ඉතා මිල අධික වේ.




තෙමිපුරා.


තෙමිපුරා යනු ජපන් ජාතිකයන් විසින් බහුලව ආහාරයට ගන්නා ආහාරයකි. තෙමිපුරා, එළවළු හා මාළු යනාදිය තිරිගු පිටි, බිත්තර හා වතුර මිශ්‍ර කර සාදා ගත් මිශ්‍රණයක පොඟවා තෙල් වල බැදීමෙන් සාදා ගන්නා ආහාර විශේෂයකි. මෙය සෝස්, සීනි, මත්පැන් යනාදියෙන් සාදන ලද සුප් විශේෂයක් සමඟ ආහාරයට ගනී. තෙමිපුරා සෑදීමේ ක්‍රමයට අතීතයේ පෘතුගීසීන් ජපානයට පැමිණි විට ව්‍යාප්ත වූ කෑම වල ආභාෂය ලැබී ඇත. තෙමිපුරා යන නමද පෘතුගීසි භාෂාවෙන් පැමිණි එකක් යයි සැලකේ.






සෂිමි.


 

ජපානය මුහුදෙන් වට වූ දූපතක් වීම හේතුවෙන් බත් සමඟ මුහුදු ආහාර ඉතා සුලබව ආහාරයට ගනී. සෂිමි සාදා ගනු ලබන්නේද සිහින්ව කපාගත් අමු මුහුදු මාළු යොදා ගනිමිනි. සෂිමි සාදා ගැනීමෙදී විවිධ අමු මාළු වර්ග භාවිතා වේ. මෙහිදී මෙම අමුද්‍රව්‍ය අමුවෙන්ම භාවිතා කරන නිසා ඒවායේ නැවුම් බව ඉතා වැදගත් කොට සැලකේ. සෂිමි “වසබි” නම් සෝස් වර්ගය හා වෙනත් සෝස් වර්ග සමඟ ආහාරයට ගනී.
සෂිමි, සුෂි වලට සමානකමක් දක්වන අතර සුෂි වලින් වෙනස් වන්නේ සුෂි වල මෙන් සෂිමි වලදී බත් යොදා නොගන්නා බැවිනි. සෂිමි සාමාන්‍යයෙන් “දයිකොන්” හා “ෂිසො” නමි ගස් වල කොල මත අලංකාර ලෙස අතුරා සකස් කරයි. මෙහිදී “දයිකොන්” හා “ෂිසො” ද සෝයා සෝස් තවරා ආහාරයට ගත හැක. ඒවා නැවුම් මින්ට් රසක් ගෙනදේ.
සෂිමි වර්ගද විවිධ වන අතර ජපන් ජාතිකයන් අතර ඉතා ප්‍රසිද්ධ සෂිමි වර්ග කිහිපයක් නම් “මගුරො, තොරො, එබි, සබ, ඉක, තකු” වේ. 






Sunday, January 23, 2011

සුෂි




සුෂි 7වන සියවසේ දී පමණ චීනයෙන් ජපානයට හඳුන්වා දුන් ආහාරයක් යැයි සැලකේ. ආරම්භයේදී අමු මාළු ලුණු සමඟ පදම් කර කල්තබාගෙන බත් සමඟ ආහාරයට ගෙන ඇත. සුෂි යනු මෙසේ අමු මාළු, ලුණු හා බත් ආධාරයෙන් පැසවීමකට ලක් කර සාදාගන්නා ලද ආහාරයකි. ලුණු හා බත් ආධාරයෙන් කරන ලද මෙම පැසවීම හේතුවෙන් සුෂි, බත් වලට ඉතා සමීප වී ඇත. පසු කාලීනව සුෂි හා බත් එකට යාවී එක් ආහාරයක් බවට පත්ව තිබේ.

සුෂි සාදා ගැනීමෙදී බොහෝ විට අමු මාළු යොදා ගනී. නමුත් සුෂි යනු අමු මාළු යැයි සැලකීම නිවැරදි නොවේ. අමු මාළු යනු සුෂි සාදා ගැනීමට යොදා ගන්නා ප්‍රසිද්ධම අමුද්‍රව්‍යය වන නමුත් සුෂි වල ප්‍රධාන අමුද්‍රව්‍යය ඇලෙන සුළු බත් වේ. අමු මාළු භාවිතයෙන් තොරව සාදා ගන්නා සුෂි වර්ගද වේ.

සුෂි විනාකිරි වලින් රස ගැන්වූ බත් ගුලි මත තුනීව කැපූ අමු මාළු අතුරා සාදා ගනී. මෙය ජපන් ජාතිකයන් අතර ඉතා ප්‍රසිද්ධ ආහාරයකි. 




Tuesday, January 18, 2011

ජපන් ආහාර පිළිගැන්වීමේ කලාව.


ජපන් කෑම වල රස එතරම් දැඩි නොවන අතර ඉතා සරල වේ. එයට හේතුව කෑම වල අමුද්‍රව්‍ය සතුව තිබෙන නියම රසය ජපන් ජාතිකයන් ඉතා වැදගත් කොට සලකන බැවිනි. ආහාර පිසීමේදී සෝස්, ලුණු, විනාකිරි, සීනි,සුප්, මත්පැන් යනාදියෙන් රස ගන්වයි.

තවද ආහාර පිසීමේදී ඒවා විවිධ හැඩ වලට කැපීම, ගින්දර භාවිතා නොකර ආහාර පිසීම වැනි ක්‍රම වල සිට තැම්බීම, පිලිස්සීම, හුමාලයෙන් තැම්බීම, තෙල් වල බැදීම වැනි විවිධ ක්‍රම අනුගමනය කරයි. ජපන් කෑම ඒ ඒ කෑම වලට ගැලපෙන පාට හා හැඩයේ බදුන් මත අලංකාර ලෙස පිළිගන්වනු ලබන බැවින් බොහෝ විට ජපන් කෑම “ඇස් වලින් රස විදිනවා” යැයි කියනු ලැබේ.

විවිධ හැඩයෙන් යුත් ජපන් ආහාර.





Sunday, January 16, 2011

ජපන් ආහාර වල වි‍ශේෂත්වය.


ජපන් කෑම වල රස එතරම් දැඩි නොවන අතර ඉතා සරල වේ. එයට හේතුව කෑම වල අමුද්‍රව්‍ය සතුව තිබෙන නියම රසය ජපන් ජාතිකයන් ඉතා වැදගත් කොට සලකන බැවිනි. ආහාර පිසීමේදී සෝස්, ලුණු, විනාකිරි, සීනි,සුප්, මත්පැන් යනාදියෙන් රසගන්වයි.

තවද ආහාර පිසීමේදී ඒවා විවිධ හැඩ වලට කැපීම, ගින්දර භාවිතා නොකර ආහාර පිසීම වැනි ක්‍රම වල සිට තැම්බීම, පිලිස්සීම, හුමාලයෙන් තැම්බීම, තෙල් වල බැදීම වැනි විවිධ ක්‍රම අනුගමනය කරයි. ජපන් කෑම ඒ ඒ කෑම වලට ගැලපෙන පාට හා හැඩයේ බදුන් මත අලංකාර ලෙස පිළිගන්වනු ලබන බැවින් බොහෝ විට ජපන් කෑම “ඇස් වලින් රස විදිනවා” යැයි කියනු ලැබේ.

Friday, January 14, 2011

අලුත් අවුරුදු ආහාර.


අලුත් අවුරුද්දේ ප්‍රධාන ආහාර වර්ගය “සෝනි” සහ “ඔසෙචි ර්යෝරි” වේ. “සෝනි” යනු සුප් විශේෂයක් වන අතර එය එක් එක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට අමුද්‍රව්‍ය හා පිළියෙල කර ගන්නා ආකාරය වෙනස් වේ. “ඔසෙචි ර්යෝරි” යනු විවිධ එලවළු හා මාළු වර්ග තම්බා හා පුළුස්සා “ජුබකු” නම් පෙට්ටියක අලංකාරව අසුරා පිළිගන්වන ආහාරකි. මෙහි ඇති කෑම වර්ග හා ඒවායේ අඩංගු ද්‍රව්‍ය සෑම එකකටම විශේෂිත වූ අර්ථයක් ඇත. ඒ අතර යහපත් සෞඛ්‍යය, හොද අස්වැන්නක් ලැබීම, සතුට, දිගු දිවියක් ලැබීම වැනි ප්‍රාර්ථනා ඇතුලත් වේ. ජපානයේ අළුත් අවුරුදු නිවාඩුව ජනවාරි මස පළමු වැනිදා සිට තුන්වෙනිදා දක්වා වන අතර එම කාලය පුරාවටම මෙම “ඔසෙචි ර්යෝරි” ආහාරයට ගැනීම චාරිත්‍රයයි.   

ඔසෙචි ර්යෝරි.




Wednesday, January 12, 2011

ජපන් බත්.

ජපානයේ ආහාර සංස්කෘතිය “බත්” තම ප්‍රධාන ආහාරය කරගත් එකකි. මීට අවුරුදු 2300කට පමණ පෙර සහල් හදන තාක්ෂණය හඳුන්වාදීමෙන් පසු බත් ජපන් ජාතිකයන්ගේ ප්‍රධාන ආහාරය බවට පත්ව තිබේ. “එදෝ” යුගයේ සිට පැවත එන බත් හා එළවළු ආහාරයට ගැනීම වර්තමානයේද එලෙසම දැකගත හැක.
ජපන් ජාතිකයන් විසින් පිළියෙල කර ගන්නා බත් ඔවුන්ටම ආෙව්නික වූ “බෙරි” ගතියකින් යුත් බත් විශේෂයකි.  “හෂි” භාවිතා කරමින් බත් ආහාරයට ගැනීමේදී  මෙම බෙරි ගතිය ඉතා ප්‍රයෝජනවත් වෙයි.
සාමාන්‍යයෙන් බත්, අමතර ව්‍යාන්ජන සහ “මිසොෂිරො” නමි සුප් සමඟ ආහාරයට ගනී. නමුත් ජපන් ජාතිකයන් බත් සමඟ අමතර ව්‍යන්ජන ඔක්කොම එකට අනල ආහාරයට නොගන්නා අතර එක එක ව්‍යාන්ජන වෙන වෙනම ටික බැගින් ආහාරයට ‍ගෙන කට ඇතුලෙදි අනල කන ක්‍රමයක් අනුගමනය කරයි.

ජපන් බත්.